පකිස්ථානුවක් 60ක් බූස්සෙන් එළියට

අත්අඩංගුවට ගෙන බූස්ස කඳවුරේ රඳවාගෙන සිටි පකිස්ථාන ජාතිකයින් 60 දෙනෙකු නිදහස් කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නීති විරෝධි ලෙස මෙරට රැඳි සිටීම හේතුවෙන් මෙම පකිස්ථාන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන රඳවා සිටි බවයි.


සරණාගතයින් ලෙස මෙරට රැඳි සිටින පකිස්ථාන ජාතිකයින් පිටුවහල් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා අවසර ලබා දුන්නේය.


ඔවුන් මෙරට රැඳී සිටීම මෙරට ආරක්ෂාවට සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් බවට රජය විසින් සිදු කළ දැනුම් දීමකට අනුව අභියාචනාධීකරණය අදාළ නියෝගය නිකුත් කර ඇත.


ඒ අනුව බූස්ස කඳවුරේ රඳවා සිටි පකිස්ථාන ජාතිකයින් 60 දෙනා නිදහස් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් ඉදිරියේ දී පකිස්ථානයට යැවීමට කටයුතු කරනු ඇත.



Post a Comment