මුන්නේශ්වරම් බිලි පූජාවට බලපත්‍රයක් ඕනෑ

හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව පැවැත්විය හැක්කේ බලපත්‍රයක් ලබාගැනීමෙන් පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

එකී බලපත්‍රය ප්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතුව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මීට පෙරාතුව ගොනු කළ පෙත්සමක් අද(03)විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණු බවත්, බිලි පූජාව නිදහසේ පැවැත්වීම නීතියට පටහැණි බව අධිකරණය විසින් පිළිගත් බවත් අප වාර්තාකරු සඳහන් කරයි.


අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රමුඛත්වයෙන් යුතු සරත් ආබෘෘ සහ රෝහිණී වල්ගම යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.



Post a Comment