අලි අපේක්ෂකයෝ ගැටෙති

එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ.

තිස්ස කුට්ටිආරච්චි සහ සම්පත් ජයසුරිය යන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


අද (03) පෙරවරුවේ මොණරාගල නගරයේ දී මෙම ගැටුම හටගෙන ඇත.


එහිදී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ ආධාරකරුවන් පිරිසක් සිදු කළ පහරදීමකින් සම්පත් ජයසූරිය මහතාගේ පුත්‍රයා තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


ඔහු ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය විමර්ශන සිදු කරයි.



Post a Comment