මේ කවුද? හඳුනනවාද?

මන්නාරම, වංකාලෙයි ප‍්‍රදේශයේ මුහුදු තීරයට අද (03) උදැසන නාදුනන පිරිමි මළසිරුරක් ගොඩගසා ඇති බැවි මන්නාරම පොලිසිය පවසයි.

මන්නාරම පොලිසිය පැවසුවේ වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස ගොඩ ගසා ඇති බවයි.


ප‍්‍රදේශයේ ධිවරයින් ලබාදුන් තොරතුරක් මත මළ සිරුර සොයාගත් බැවිද මන්නාරම පොලිසිය පැවසීය.


දින කිහිපයක් මුහුදේ තිබීම හේතුවෙන් මළ සිරුර නරක් වී ඇති බවත්,සිරුරේ ඇතැම් කොටස් මසුන් ආහාරයට ගෙන ඇති අතර,මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණය අද(03) පැවැත්වීමට නියමිත බැවිද මන්නාරම පොලිසිය පැවසීය.


සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


(මළ සිරුර වෙරළට ගොඩ ගසා තිබු අයුරු)


ඡායා රූ - මාධව කුලසුරිය



Post a Comment