ලංගම අවනඩුව ඔක්.10 විභාගයට තීන්දුයි

ලංකා ගමන ගමන මණ්ඩලය විසින් වසර ගණනාවක් තිස්සේ ගෙවීම පැහැර ඇති රුපියල් කෝටි 100ට වැඩි සේවක අර්ථ සාධක අරමුදල් යළි ගෙවන ලෙස ඉල්ලා එහි සේවකයින් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් ඔක්තෝබර් 10 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනූව අදාළ පෙත්සම වෙනුවෙන් කරුණු දක්වන ලෙසට ද අභියාචනාධිකරණය ලංගම සභාපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට අද (03) නොතීසි නිකුත් කළ බව අප වාර්තාකරු කියයි.


ලංගම විසින් වසර ගණනාවක් තිස්සේ සේවකයින්ට ගෙවීම පැහැර ඇති මුදල රුපියල් කෝටි 100 ඉක්මවන බව පෙත්සමේ සඳහන්ය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම පෙත්සම ඔක්තෝබර් 10 වැනිදා විභාගයට ගැනීමට තීරණය කර තිබේ.



Post a Comment