උදෑසනම මව්පියන් උද්ඝෝෂණයේ

කොට්ටව කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිටදී මව්පියන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කොට්ටව කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට නිවසක ඉදිකර ඇති ගල්බැම්ම අනාරක්ෂිත බවට පවසමින් අදාළ මව්පියන් පිරිස විරෝධතාවයේ නිරත වන බව අප වාර්තාකරු සඳහන් කළේය.


එම නිසා පාසල් දරුවන් දැඩි ලෙස අනාරක්ෂිත වී ඇති බවද එම පිරිස පෙන්වා දෙයි.


මේ හේතුවෙන් උඩුගම, ගාල්ල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවද වාර්තා වෙයි.


150 - 200 අතර පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බව සඳහන් වෙයි.



Post a Comment