හමුදාවේ හා පොලීසියේ දෙන්නෙක් මහ මඟදී මරුට

කිලිනොච්චිය, ඉයක්කච්චි ප‍්‍රදේශයේ අද(03) අලූයම සිදුවු රිය අනතුරකින් යුධ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බැව් කිලිනොච්චි, පලෙයි පොලිසිය පවසයි.

පලෙයි පොලිසිය පැවසුවේ පාපැදියකින් ගමන් කරමින් රාත්‍රී මුර සංචාරයේ යෙදී නැවත කඳවුරට පැමිණෙමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් අදාළ යුධ හමුදා නිලධාරියාගේ පා පැදියේ ගැටීම හේතුවෙන් තුවාල ලැබු යුධ හමුදා සෙබළෙකු එලෙස මියගොස් ඇති බවයි.


යාපනය, ඉයක්කච්චි යුධ හමුදා කඳවුරට අනුයුක්ත සේවය කළ කුරුණෑගල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචි ආර්.ඩී.සුමින්ද කුමාර නමැති 33 හැවිරිදි යුධ හමුදා සෙබළෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බැව්ද පලෙයි පොලිසිය පැවසීය.


පලෙයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අනතුර සිදු කළ වැන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් රියදුරු අද(03) කිලිනොචිචි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.


සිදුවීම සමිබන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


මේ අතර නාරම්මල - ගිරිඋල්ල මාර්ගයේ ගිරිඋල්ල පොලිසිය අසළ දී සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ.


පදික මාරුව හරහා ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා නාරම්මල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටීමෙන් අනතුරට ලක්ව ඇත.


බරපතළ තුවාල ලැබු ඔහු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ ගිරිඋල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 52 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.


අනතුරට සම්බන්ධ යතුරු පැදිකරුද තුවාල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment