මූල්‍ය වංචා සිදුකළ 2ක් අත්අඩංගුවේ

වැල්ලවත්ත ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදීගෙන මුල්‍ය වංචාවක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා අදාළ පුද්ගලයින් විසින් අගරුචෙක්පත් යොගෙන ඇති බවට වැල්ලවත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


සැකකරුවන් බොරැල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වි තිබේ.


ඔවුන් අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment