ගබ්සා වෙදා පොලිස් කතගෙන් ගබ්සාවෙයි

නීති විරෝධි අයුරින් ගබ්සා සිදුකරන පුද්ගලයෙකු සීගිරිය, ඇහැළගල ප්‍රදේශයේ නවාතැන්පළක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරිණියක් උපාය දුතයෙකු ලෙස යොදවා සැකකරු අදාළ නවාතැන්පළ වෙත ගෙන්වා ගෙන මෙම වැටලීම කර ඇත.


ඔහු සන්තකයේ තිබි ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ සහ ඖෂධ වර්ග කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.


සැකකරු තමන්කඩුව, ගල්ලෑල්ල, සුවසෙතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment