ඡන්ද හිමිනාම ලේඛන ප්‍රතිශෝධනය - අභියාචනා 30ට කලින් කරන්න

2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනයට අදාළ අභියාචනා ලබන අඟහරුවාදා (30)ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම මෙතෙක් ඇතුළත්ව නොමැති පුද්ගලයන්ට අදාළ කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


මේ වන විට ඡන්ද හිමි නාම ලේඛනය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙයි.


එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://ift.tt/1Dv8JOj වෙත පිවිස තම දිස්ත්‍රික්කය සහ තම හැඳුනුම්පත් අංකය යෙදා නාම ලේඛනය පරීක්ෂා කළ හැකිය.


අදාළ නාම ලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී නොමැති නම් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඊට අවශ්‍ය කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.



Post a Comment