ප්‍රතිසන්ධානයට උපදෙස් ගත යුතුයි

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සාර්ථක කරගැනිම සඳහා ශ්‍රීලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් පිළිපැදිය යුතු බවට යළි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාචික වාර්තාවක් ඊයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණි.


කවුන්සිලයේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් ෆ්ලේවියාර් පෙන්සියර් මහත්මිය විසින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව මගින් පෙන්වා දි ඇත්තේ අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරිමේ කොමිසම මගින් පත් කර ඇති ජාත්‍යන්තර උපදේශකවරුන්ගේ සහය ශ්‍රී ලංකාව විසින් ලබාගත යුතු බවයි.


එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවාහි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාද මෙහිදි අදහස් පල කර තිබේ.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පර්යේෂණයේ සවිස්තර වාර්තාව ලබන වසරේ මාර්තු මාසයේ දි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



Post a Comment