පනාමුරේ සැරයන්ට මාරුවක්

අත්අඩංගුවේ පසුවු සැකකරුවන් දෙදෙනෙකු පලායාමේ සිද්ධියක් හේතුවෙන් පනාමුර පොලිසියේ සැරයන්වරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.

පනාමුර, වැලිආර ප්‍රදේශයේ නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු පසුගිය 14 වන දා අත්අඩංගුවට ගෙන තිබුණි.


අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ සැකකරුවන් විසින් වැසිකිළි යාමේ අවශ්‍යතාවක් පවතින බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් රැගෙන යාමට පොලිසිය පියවර ගෙන ඇත.


එම අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව සඳහන්ය.


මේ හේතුවෙන් රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයා රත්නපුර මූලස්ථාන පොලිසිය වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.



Post a Comment