මොණරාගලින් ධාවනය කරන සියලු පුද්ගලික බස් වර්ජනයේ

මොණරාගල සිට ගමන් ආරම්භ කරන සියලු පෞද්ගලික බස් රථ අද (24) මේවන විට ධාවනයෙන් ඉවත් ව සිටින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පසුගිය පළාත් සභා මැතිවරණය ඉලක්ක කර මොණරාගල ඩිපෝවට වැඩි බස් රථ සංඛ්‍යාවක් ලබාදී ඇති බවත්, එම බස් රථ නිසා පුද්ගලික බස් රථ දෛනිකව ලබාගත් ආදායම් මාර්ග ඇණහිට ඇති බවත්, ඒ මහතා කියයි.


මේ නිසා මොණරාගල සිට ධාවනය කෙරෙන සියලු පුද්ගලික බස් රථ වර්ජනයකට එක්ව සිටින බවද, මීට විසඳුමක් ලබාදෙන තුරු එම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කරයි.


ධාවන කාල සටහන ද උල්ලංඝණය කරමින් එම බස් රථ ධාවනය කිරීම නිසා පුද්ගලික බස් හිමියන්ට දැඩි අසාධාරණයක් වී ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියයි.



Post a Comment