හාළිඇළ ප්‍රහාරයට එක්නෙක් අල්ලයි

හාළිඇළ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට පහරදෙන බවට ලැබුණු ‍තොරතුරක් අනූව එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


පසුගිය 22 වන දා පස්වරුවේ හාළිඇල ප්‍රදේශයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් රැගත් රථ පෙළකට ද ප්‍රහාරයක් එල්ල විය.


එම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කෙරිණ.



Post a Comment