මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් වහාම එම ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානය විසින් යැවූ ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.
NEM/IHR/PRO/E/2014/41
සහකාර මැතිවරණ කොමසාරිස්තුමා
මැතිවරණ කාර්යාලය,
මොණරාගල.
2014.09.16
නියං සහනාධාර බෙදාදීම අතරතුර මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීම.
2014.09.16 දින පෙ.ව 10.30ට මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල, කිරිඉබ්බන් ආර වම් ඉවුරේ සිරි පියරතනාරාමයේදී නියං සහනාධාර බෙදාදීමේ වැඩ සටහනට සමගාමීව එ.ජ.නි.ස වාසි සැලසෙන අයුරින් මැතිවරණ ප්රචාරක කටයුත්තක් සිදු කරන බවට පැමිණිල්ලක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය වෙත ලැබී ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ස්වාධින කණ්ඩායම් අංක 02 යටතේ තරඟ කරන වීරවිල ගමගේ ගාමීණී මනාප අංක 12 සහ වන්නිආරච්චිගේ රංජිත් මනාප අංක 14 යන අපේක්ෂකයින් දෙදෙනා එම ස්ථානයේ රැදී සිටිමින් නියං සහනාධාර ලබාගැනීමට පැමිණෙන ජනතව හට එ.ජ.නි.ස සඳහා ඡන්දය ලබාදෙන ලෙස අයාචනා කරමින් රැදී සිටින බවයි.
මැතිවරණ නීතිය මෙන්ම අධිකරණ නියෝගද උල්ලංඝණය කරමින් එ.ජ.නි.ස වාසි සැලසෙන අයුරින් පළාත් සභා මැතිවරණයේ නිදහස් හා සාධාරණ භාවයට එල්ලකරනු ලබන බරපතළ බලපෑමකි. මේ පිලිබඳව පරීක්ෂා කර බලා එය වැළැක්වීමට කඩිනම් ක්‍රියා මාර්ග ගන්නා මෙන් ඉල්ලමු.
ස්තුතියි. මෙයට,
ආචාර්ය උදිත ගුණසේකර,
ප්‍රධාන විධායක,
NEM IHR.
පිටපත් - 01 මහින්ද දේශප්‍රිය මහතා - මැතිවරණ කොමසාරිස්
02 සියලූම ජනමාධ්‍ය වෙත
Post a Comment