බන්ධනාගාර සමුළුව ලංකාවට අහිමිවෙයි

කැනඩාවේ පැවති ආසියානු ශාන්තිකර කලාපීය බන්ධනාගාර සමුළුවට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවී තිබේ.

කැනඩා තානාපති කාර්යාලය විසින් අදාළ සමුළුව සඳහා සහභාගිවන නිලධාරීන්ට වීසා ලබා නොදීම මීට හේතුව බව වාර්තා වෙයි.


වාර්ෂිකව පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය බන්ධනාගාර සමුළුව හෙවත් "ඇප්කා සමුළුව "මෙවර කැනඩාවේ වික්ටෝරියාහීදී පැවැත්වුණි.


එම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත නිපුණතා කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා සහභාගී වීමට නියමිතව සිටියේය.


නමුත් ඔවුන්ට කැනඩාට යාම සඳහා වීසා ලබා නොදීමට කැනඩා තානාපති කාර්යාලය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.


ශ්‍රී ලංකාව යුධ අපරාධ කළ රටක් බවට පවසමින් ඔවුන් විසින් අදාළ විසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙයි.


දහස් ගණන් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුණරුත්ථාපනය කළ ශ්‍රී ලංකාවට මෙවැනි චෝදනාවක් එල්ල කිරීම කණගාටුවට කරුණක් බව බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දෙයි.



Post a Comment