සරණාගතයින් ගැන එක්සත් ජාතීන් කණගාටුවෙයි

සරණාගතභාවය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සහ පිටුවහල් කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කණගාටුව පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෛණික මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.


සරණාගතයින් ලෙස රැඳී සිටින පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම යළිත්වරක් ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.


සැප්තැම්බර් මස 03 වන දින සිට 11 වන දින දක්වා කාලය තුළ පමණක් පකිස්ථාන ජාතිකයින් 62 දෙනෙකු සහ ඇෆ්ගන් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුන් දැනුම් දී ඇත.


එම පිරිසෙන් 40 දෙනෙකු පමණ මේ වනවිට පිටුවහල් කිරීමට ද පියවරගෙන ඇති බව සඳහන් වෙයි.


මෙය සරණාගතයින් පිළිබඳව පවතින ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතින්ගේ සංවිධානය දෛණික මාධ්‍ය හමුවේ දී පවසා ඇත.


එම නිසා මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.



Post a Comment