අලියා ගොඩ ඇවිත් තිදරු මවට පහරදෙයි

පොල්පිතිගම, මාඑළිය, තම්බුව වගාළිඳකට වැටී සිටි වන අලියෙකු අද (23) පෙරවරුවේ ගොඩගන්නා අයුරු බැලීමට පැමිණි 54 හැවිරිදි මවක් වළෙන් ගොඩ ආ අලියාගේ ප්‍රහාරයට ලක්වී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගේ 54 හැවිරිදි මවකි.


එම කාන්තාව නිවසට යන අතරමගදී අලියාගේ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු කීවේය.


ඊයේ එම අලියා පොල්පිතිගම, මාඑළිය, තම්බුව ප්‍රදේශයේ වගාළිඳකට වැටී ඇති අතර අද එම අලියා ගොඩගැනීම පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, වනජීවි නිලධාරීන් හා පොල්පිතිගම පොලීසියේ නිලධාරීන් එක්ව සිදුකරන ලදී.


ඡායා රූ - සංජීව රත්නායක



Post a Comment