පරිපාලන සේවයේ විභාගය 27 ඇරඹෙයි-ප්‍රවේශපත්‍ර ගැටළුවක් නම් අමතන්න

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 3වන ‍ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සැප්තැම්බර් මස 27,28 සහ ඔක්තෝම්බර් මස 04 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

මෙවර විභාගයට අපේක්ෂකයින් 20,277ක් පෙනී සිටින බවත්, ඒ අනුව සිංහල මාධ්‍යයෙන් 17600 ක්ද,ද්‍රවිඩ මාධ්‍යයෙන් 2435ක්ද,ඉංග්‍රීසි මාධ්‍යයෙන් 242ක්ද විභාගයට පෙනී සිටින බව ඔහු පෙන්වාදෙයි.


දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 128ක විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර මේවන විට සියලුම විභාග අපේක්ෂකයින්ට අදාළ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.


එසේ වුවද මේවන තුරු යම් කිසිවෙකුට ස්වකීය ප්‍රවේශපත්‍රය ලැබී නොමැතිනම් දුරකථන අංක 0112785230/2177075 ඇමතීමෙන් හෝ ෆැක්ස් අංක 0112784232 ට දැනුම්දීමෙන් ගැටළු නිරාකරණය කරගත හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment