අනතුරින් හිමිනම අපවත්වෙයි

පස්සර - මඩොල්සීම මාර්ගයේ සිදුවු රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ.

ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


පස්සර සිට මඩොල්සීම බලා ධාවනය වු ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු රියදුරු සහ හිමිනම පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හිමිනම අපවත් වී ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුර සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment