වව්නියාව දිසාපතිට ගාලු නිවසේදී මරණ තර්ජන

ගාල්ලේ හිටපු දිසාපති මෙන්ම වව්නියාව වත්මන් දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් තමන්ට එල්ල වී ඇති මරණිය තර්ජනයක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණීල්ලක් කර තිබේ.

ඊයේ උදේ තමන්ට එම මරණීය තර්ජනය සිදුවූ බව කියමින් හෙතෙම මෙම පැමිණිල්ල කර ඇත.


දිසාපතිවරයාගේ ගාල්ලේ පිහිටි නිවසට පැමිණ මරණිය තර්ජන කර ඇතැයි සඳහන්ය.


ගාල්ලේ හා කොළඹ බන්ධනාගාරවල සේවයේ නියුතු අයියා ‍මලෝ දෙදෙනෙකු විසින් මෙලෙස තර්ජනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අප වාර්තාකරු පැවසීය.


ගාල්ල පොලිසිය සිද්ධීය සම්බන්ධයෙන් පරික්‍ෂණ කටයුතු මෙහෙයවයි.



Post a Comment