තවත් ගැහැණු දරුවෙක් අතුරුදහන්

හැටන්, නොර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ අට හැවිරිදි ගැහැණු දරුවෙකු අතුරුදන්වී තිබේ.

ඊයේ(13) පස්වරුවේ අදාළ දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ නැන්දනිය විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසියේ සඳහන් කළේය.


තමා වෙළඳසැලකට ගොස් නැවත පැමිණි අවස්ථාවේ දී දැරිය නිවසේ නොසිටි බව දැරියගේ නැන්දනිය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් නෝර්ටන් බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment