කතකට පහරදී රං දම්වැල කොල්ලකාලා-සැකකරු දැලේ

කාන්තාවකට පහර දී ඇය පැළද සිටි රන් දම්වැලක් කොල්ලකෑ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

ඊයේ (23)සවස මෙම පහර දීම සිදු වී ඇති බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.


තමන් අවශ්‍යතාවයක් සඳහා මාම්පූරිය මංසන්ධියට පැමිණි විට සැකකරු තමාට පහර දුන් බවත්,එහිදී ඔහු විසින් තමන් පැළද සිටි රුපියල් 50,000 ක් වටිනා රන් දම්වැල කොල්ල කා පලා ගිය බවත් මාම්පූරිය වැල්ල පදිංචි මිහිදුකුලසූරිය ඉරේෂා මධුවන්ති ෆෝන්සේනා යන අය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.


ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.


සැකකරු මාම්පූරිය කොලණිය පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර පුද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදුවී ඇති බව පොලීසිය කියයි.


සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment