වෛද්‍යවරයාට පහරදුන් 3ක් අත්අඩංගුවේ

මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිය නිවසේ සිට මහනුවර රෝහල වෙත මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී මහනුවර, අරුප්පොළ මාර්ගයේ දී මෙම පහරදීම සිදුවු බව අදාළ වෛද්‍යවරයා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.


ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු තමාට බැන තර්ජනය කර පහරදුන් බව අදාළ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබුණි.


පහරකෑමට ලක්වු වෛද්‍යවරයා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



Post a Comment