කොල්ලුපිටියේදී ගිනි තබාගත් පුද්ගලයා මියයයි

කොල්ලුපිටිය පොලිසිය අසළ දී ඊයේ(03) දහවල් තම සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් පුද්ගලයා මියගොස් තිබේ.

ගිනි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ රාත්‍රී ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ හලල්ගොඩ, පන්නිපිටිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි විශ්‍රාමික හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු බව පොලිසිය පවසයි.


සියදිවි හානි කරගැනීමට හේතුව නවනීදන් පිල්ලෙයි ශ්‍රී ලංකාවට කෙරෙහි දක්වන ක්‍රියා කලාපය බව අදාළ පුද්ගලයා මිය යාමට පෙර ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බව පොලිසිය පැවසුවේය.


මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(03) සිදුකිරීමට නියමිතය.



Post a Comment