තායිලන්තයෙත් ලාංකික සරණාගතයින්

ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් තායිලන්ත බලධාරීන් බාරයේ පසු වන බව ‘‘හියුමන් රයිට්ස් වොච්‘‘ සංවිධානය පවසයි.

එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක තායිලන්ත බලධාරීන් බාරයේ පසුවන ශ්‍රි ලාංකික සරණාගතයින් පිළිබඳ විස්තර ඇතුළත්ව ඇති බව සඳහන්ය.


අදාළ සරණාගතයින් තායිලන්තය තුළ අවම පහසුකම් මධ්‍යයේ ජීවත් වන බව ‘‘හියුමන් රයිට්ස් වොච්‘‘ සංවිධානය පවසයි.


එම සංවිධානය පෙන්වා දෙන්නේ සරණාගත දරුවන් පෝෂණ ඌණතා, අධ්‍යාපනය අහිමිවීම් සහ කායික අභ්‍යාසයන්ට අවශ්‍ය ඉඩකඩ නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි.


සරණාගත කඳවුරුවල වෙසෙන දරුවන් 41 දෙනෙකු සහ වැඩිහිටියන් 64 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.


ඒ අනුව ‘‘හියුමන් රයිට්ස් වොච්‘‘ සංවිධානය පෙන්වා දෙන්නේ තායිලන්තය දැඩි ලෙස සරණාගත නීති උල්ලංඝණය කර ඇති බවයි.



Post a Comment