වැලි හොරුන් එස්.ටී.එෆ් දැලේ

සේරුනුවර - චුන්නක්කාඩු රක්ෂිතයේ නීති විරෝධි අයුරින් වැලිගොඩ දමමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහවැලි ගඟ සමීපයේ ට්‍රැක්ටර් නවතා බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව වැලි කියුබ් 05ට අධික ප්‍රමාණයක් තිබි ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.


මීට අමතරව ඔවුන් විසින් වැලි ගොඩදැමීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බව සඳහන්ය.



Post a Comment