බඩු විකුණන මුදලාලි‍ලාට අලුත් ගැසට් එකක්

විකිණීම සඳහා ඉදිරිපත් කරන වෙනත් භාණ්ඩ සමඟ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ ගබඩා කිරීම නොකළ යුතු බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

සියලු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළඳුන් විසින් මෙම නියෝග අනුගමනය කළ යුතු බව එම අධිකාරිය දන්වා සිටියි.


සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාළ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.


ඒ අනුව කිසිදු අවස්ථාවක, ව්‍යාපාර ක්‍රියාවලිය තුළ දී විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වු හෝ මිනිස් පර්භෝජනයට නුසුදුසු භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කරන අනෙකුත් භාණ්ඩ සමග යාබදව තැබීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතුය.


අදාළ නියෝග කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.



Post a Comment