හොර පාරෙන් එනවා දැන් අඩුයි

ඔස්ට්‍රේලියාවට නීති විරෝධී අයුරින් පැමිණෙන සංක්‍රමණිකයින් මේ වන විට නතර වී ඇති බව එරට සංක්‍රමණික හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මාස 7ක කාලය තුළ ඔස්ට්‍රේලියාවට කිසිදු අනවසර සංක්‍රමණිකයෙකු පැමිණ නොමැති බවයි.


නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් මාස 11ක කාලයක සිට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.


එම කාලය තුළ නීති විරෝධී සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ එක් වරකදී පමණක් බව ස්කොට් මොරිසන් අමාත්‍යවරයා පෙන්වාදෙයි.


ඔවුන් සියලු දෙනා ද මේ වන විට නාවුරු දූපතට පිටත් කර හැර තිබේ.


2013 වසරේ පළමු මාස 8 තුළ පමණක් යාත්‍රා 268ක් භාවිතා කරමින් පුද්ගලයින් 18,800ක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව ස්කොට් මොරිසන් අමාත්‍යවරයා සඳහන් කරයි.



Post a Comment