අද මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් සේවකයින් ලෙඩවෙයි

අද (02) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.


කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිතිවල අදාළ ඉල්ලීම් වලින් කිහිපයක් මේ වන විටත් ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


අනෙක් ඉල්ලීම්වලට ද කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේය.



Post a Comment