ඌවේ තැපැල් ඡන්දය නීරීක්ෂණයට මැ.කොගෙන් නිලධාරීන්

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 4 සහ 5 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.


එම දින දෙක තුළ ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන සඳහා නීරික්ෂණ කටයුතුවලට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෙදවීමට සැලසුම් කර ඇත.


විශේෂයෙන් වැඩි තැපැල් ඡන්ද ප්‍රමාණයක් ඇති රාජ්‍ය ආයතන සඳහා මෙම නිරික්ෂණ නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


මේ අතර ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව ඡන්ද රාජකාරී සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරනු ලබයි.


මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රීක්කවල අදාළ පුහුණු කිරීම් කටයුතු සිදුවන බවයි.


මෙවර ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 11,000ක් පමණ යෙදවීමට නියමිතව ඇත.



Post a Comment