කතුන්ගේ මාල කඩන යතුරු පැදි කල්ලියක 2ක් මාට්ටු

යතුරු පැදිවලින් ගොස් කාන්තාවන්ගේ රන්මාල කඩාගෙන පලායන දෙදෙනකු සොරාගත් යතුරු පැදි හතරක් සමග හලාවත කොට්ටාස නොවිසදුණු අපරාධ ඒකකය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

නාත්තන්ඩිය, තුම්මෝදර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


24 සහ 25 වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ගුවන් හමුදා සේවයෙන් පලාගිය සෙබළෙක් බවට අනාවරණය වී තිබේ.


සැකකරුවන් කලක සිට කාන්තාවන්ගේ රන්මාල කඩා ගෙන ගොස් විකුණා ඇති අතර නවතා තබන යතුරුපැදි ද සොරා ගෙන ගොස් ඇත. සොරා ගත්යතුරු පැදි හතරක් ද පොලිසිය සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සොයා ගෙන තිබේ.


මොවුන් වෙන්නප්පුව කුලියාපිටිය, දුම්මලසුරිය පුත්තලම හා මිනුවන්ගොඩ ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.


සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීම සඳහා වෙන්නප්පුව පොලිසියට බාරදී ඇති අතර හලාවත කොට්ථාස නොවිසුදුණු ඒකකය පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.



Post a Comment