දෙමටගොඩ රාජා යළි අත්අඩංගුවේ

හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටියදී පළාගිය හව්පිලියනගේ සමන් නොහොත් “දෙමටගොඩ රාජා” අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරු අද පෙරවරුවේ ගොතටුව, නින්දහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.


මීට පෙර අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 700ක් ළඟ තබාගෙන සිටියදී පසුගිය වසරේ ජූනි මාසයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් 27 වනදා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය බව වාර්තා විය.


මීට පෙර අවස්ථා කිහිපයකදී ද හෙරොයින් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 800ක් සහ තවත් හෙරොයින් ග්‍රෑම් 700ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුට කොළඹ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර තිබු බව සඳහන්ය.



Post a Comment