2014 ඡන්ද හිමි නාමලේඛන හෙට සිට ප්‍රදර්ශනය කරයි

2014 ඡන්ද හිමි නාමලේඛන හෙට දිනයේ සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව ප්‍රතිශෝධනය කරන ලද නාමලේඛන ලැයිස්තු ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බව එම කාර්යාලය සඳහන් කළේය.


2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණු අතර ඉන් අනතුරුව එම නාමලේඛන සකස් කිරීම සිදුකෙරුණි.


මෙම වසර සඳහා අලුතින් නාමලේඛනයට ඇතුළත් වු පුද්ගලයින් සහ ඉවත් කරන ලද පුද්ගලයින්ගේ නම් හෙට දිනයේ සිට ප්‍රදර්ශනය කිරීම් සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.


නියමිත වයස සම්පූර්ණ කළ කිසියම් පුද්ගලයෙකු මෙවර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව නොමැති නම් ඒ පිළිබඳව සැප්තැම්බර් තිස් වන දිනට ප්‍රථම දැනුම් දෙන ලෙස ද මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම්දෙයි.


අදාළ කටයුතු අවසන් වීමෙන් අනතුරුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට මැතිවරණ කොමසාරිස්වරයා විසින් අත්සන් තැබීමට නියමිතය.



Post a Comment