කේෂාණී දුව පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ

කුරුණෑගල, වැල්ලවදී පමාරා කේෂානි බණ්ඩාර නැමැති සිව් හැවිරිදි දැරිය පැහැරගත් බව කියන ප්‍රධාන සැකකරු මීට ස්වල්ප මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලව, දීගම ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද ඇතිව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


පමාරා කේෂාණි දැරිය ඉකුත් 8 වැනිදා රාත්‍රී සිය මව්පියන් හා සහෝදරයා සමග නිදා සිටියදී පැහැර ගැනීමට ලක්ව තිබිණි.


ඒ දැරිය නිදාගත් ස්ථානයේ තිබූ ඉටිරෙද්දක් කපා දමමිනි.


දැරිය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් හා රහස් පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.



Post a Comment