බෝට්ටුවකින් අමෙරිකාවට පැන්න ශ්‍රී ලාංකියෙකු ඇතුළු 10ක් මාට්ටු

ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවල් 4න් පැමිණ නීතිවිරෝධී ලෙස රටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු එක්සත් ජනපදයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

මිනිස් ජාවාරම් බෝට්ටුවක් ලෙස සැක කළ යාත්‍රාවකින් පැමිණි මෙම පිරිස ‍ෆ්ලොරීඩාහි පාල්ම් බීච් කන්ට්‍රි වලට අයත් ධනවත් නගරයක් වන මනාලපන් වෙත ළඟාවීමෙන් පසු ඊයේ දින අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද දේශසීමා බලධාරීන් සඳහන් කරයි.


ශ්‍රී ලාංකිකයාට අමතරව කියුබානුවන් දෙදෙනෙකු,ජැමෙයිකානුවන් දෙදෙනෙකු,හයිටි ජාතිකයින් පස් දෙනෙකු ද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් සතුව කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලක් නොතිබුණු බව එක්සත් ජනපද දේශසීමා ආරක්ෂක නිලධාරී ෆ්‍රැන්ක් මිලර් පවසයි.


අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිහිටියෙකුගේ අනුදැනුම මත පැමිණි කුඩා දරුවෙකුද සිටින බව හෙතෙම පවසා තිබේ.


අඩි 14 ක් දිග අශ්වබල 80 ක එංජින් ධාරිතාවයකින් යුතු යාත්‍රාවකින් මොවුන් පැමිණ ඇති බවත්, කියුබාව,ජැමෙයිකාව,හයිටි වැනි රටවලින් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් අමෙරිකාවට සංක්‍රමණය වන පිරිස් ඇති නමුත් එලෙස ශ්‍රී ලාංකිකයෙකු පැමිණීම අසාමාන්‍ය තත්ත්වයක් බවත් මිලර් අවධාරණය කරයි.


කෙසේ නමුත් සංක්‍රමණිකයින් රඳවා තබාගෙන දිගින් දිගටම ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන සිදුකරන බව The Sun Sentinel පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment