හේනේ පැල් රකින්නාට වෙඩි තබයි

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

ගලෙන්බිඳුනුවැව, මහදිවුල්වැව ඉස්මත්තේ හේන් පැලක නිදා සිටි පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් අයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව පොලිසිය පැවසුවේය.


ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා යකල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.


වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු ලැබි ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගලෙන්බිඳුනුවැව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


මේ අතර ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක වටරවුම සහ කැළණිතිස්ස බලාගාරය අතර ප්‍රදේශයේ තිබි නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.


මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙකු වන අතර මළ සිරුර බොරැල්ල පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති බව පොලිසිය පැවසුවේය.



Post a Comment