මගේ අඩනිරුවත මාකට් කරන්න තරම් මගේ පෙම්වතා මානසික ලෙඩෙක් නෙවෙයි - Ameesha Kavind

කොහොමද ජීවිතේ...?
වරදක් නෑ හොඳින් ගෙවෙනවා...

මොනවද මේ දවස්වල කරන්නේ...?
සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

චිත්‍රපට නිළියක් ටෙලි නාට්‍යවල රඟපාන එක තත්ත්වෙට හොඳ මදිලුනේ...
චිත්‍රපට තමයි අංක එක. ඒත් ඉඳලා හිටලා ටෙලි නාට්‍යයක් රඟපෑවා කියලා වැරැද්දක් නෑනේ... අනිත් එක මේ නාට්‍ය කොටස් සීය ඉක්මවන්නේ නෑ.

කොහොම හරි අමීෂා ප්‍රතිපත්ති වෙනස් කරලා...?
මම කිසිම තැනක කියලා නෑ ටෙලි නාට්‍ය රඟපාන්නේ නෑ කියලා.

දැන් ඔයාටත් අර්ජුනගේ චිත්‍රපට තහනම් කලාපයක් වෙයිද?
ඇයි එහෙම වෙන්නේ?

ඔබේ පෙම්වතා අර්ජුන, සිනමා නළු නිළියන් පුංචි තිරයේ රඟපානවාට දැඩි ලෙස විරුද්ධයිනේ.....?
අර්ජුන කියන්නේ සිනමා නළු නිළියෝ පුංචි තිරයේ නිතරම දකින්න ඕනෑ නෑ කියලා... එහෙම නැතුව රඟපෑම තහනම් කියලා නෑ...


නිළියක් වෙලා අමීෂාට හරිගියාද, වැරදුණාද?
හරිගියා නේද? ඒක වැරදි තීරණයක් නෙවෙයිනේ.

ඒත් නිළියක් වුණ නිසා අමීෂාගේ නර්තන හැකියාවට නම් වැරැද්දක් වුණා...?
මෙහෙමයි නර්තන හැකියාව නිසයි මම නිළියක් වුණේ. ඒ නර්තනයම චිත්‍රපටවලදී ප්‍රසංගවලදී මට ප්‍රයෝජනවත් වුණා.

පුංචි කාලෙ ඉඳන් දැකපු නැටුම් ගුරුවරියක් වීමේ හීනේ...?
ඔව් අනේ... දන්න දවසෙ ඉඳන් හීන දැක්කෙ නැටුම් ගුරුවරියක් වෙන්නනේ.... ඒත් දුකක් නෑ... මම නැටුම් ගුරුවරියක් වුණානම් ඔයා වුණත් මේ වගේ මට කතා කරන්නේ නෑනේ...

ඉස්කෝලේ කාලේ ආගමට දහමට නැඹුරු වුණු අහිංසක කෙල්ලට මොකද වුණේ...?
ඇත්ත ඉස්සර මම හරිම අහිංසකයි. ආගමට හුඟාක් නැඹුරුයි. යාළුවෝ හිතුවේ කවදා හරි මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා. ඒත් අහිංසකකම හැම තැනමට ගැළපෙන්නේ නෑ කියලා හිතුණා.

ඒ කියන්නේ දැන් අමීෂා කලහකාරී චරිතයක්ද?
අපෝ නෑ... ඕනෑවට වඩා අහිංසකකම නැතිවුණා. එච්චරයි.

අර්ජුන වෙන නිළියන් එක්ක රඟපානවට අකමැතියි කියන්නේ ජීවිතේට වැරැද්දක් වෙයි කියලා හිතුණ නිසාද?
කවුද එහෙම කියන්නේ...? මගේ එහෙම ඉරිසියාවක් නෑ... එයා කොච්චර නිළියො එක්ක රඟපානවද? ඒක එයාගේ රැකියාවනේ...

අර්ජුන නිළියක් එක්ක කතා කළත් ඔයා මූණ පුළුටු කරගන්නවා කියන්නේ එහෙනම්...?
අර්ජුනයි මමයි එකට ඉන්නවා දැක්කම ඔය කියන සමහරුන්ගේ නම් මූණු පුළුටු වෙනවා ඇති. ඔය තරම් පුංචි දේවල්වලට මූණ පුළුටු කරගන්න මට පිස්සු නෑ.

අර්ජුනගෙ අලුත් චිත්‍රපටයේ අලුත් නිළියක් එක්ක අර්ජුන බෙදා ගන්න බැරුව රණ්ඩු කළා කියන්නේ ඇත්තද?
මොන බොරුද? මේවා කවුරු ගොතන කතාද මන්දා. එහෙනම් ඒ චිත්‍රපටයේ රඟපාපු අනික් අයත් ඒ ගැන දැනගන්න ඕනෑනේ.

පෙම්වතා ඔබේ අඩනිරුවත මාකට් කරනවාලු?
ඔයාලටත් එහෙම පේනවද? නිර්මාණයේ අවශ්‍ය තැන්වලදී ගැළපෙන විදියට ඇඳුම් ඇන්දා... අනික් එක ඒ ඇඳුම මට කැත නෑ... එහෙම නැතුව මගේ අඩනිරුවත මාකට් කරන්න තරම් මගේ පෙම්වතා මානසික ලෙඩෙක් නෙවෙයි.

ප්‍රේමවන්තයෝ කී දෙනෙක් හිටියද?
ඉස්කෝලෙ කාලෙදි පුංචි පුංචි සම්බන්ධතා ඇති වුණා.. නැතිවුණා.. ඒවා නම් නැතිවුණ එකමයි හොඳ.

දැන් තෝරාගෙන ඉන්නෙ හරි කෙනාද?
අපෝ ඔව්. හරියටම හරි කෙනා.

හිටි හැටියේ රට ගියේ ඇයි?
අක්කත් එක්ක යන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ අවස්ථාව මඟහැරියේ නැහැ.

එතකොට දෙන්නා දෙමහල්ලො විරසක වුණා කියන කතාව බොරුද?
විරසක වුණේ නෑ.... ඒත් ටික කාලයකට අෑත් වුණානම් හොඳයි කියලා ජේ‍යාතිර්වේදීන් කිව්වා. ඒ කාලේ මට අපලයිලු.

දැන් ග්‍රහයා මාරු වෙලාද?
ඔව්... ඔව්... දැන් මගේ හොඳ කාලේ උදාවෙලා.

එහෙනම් අද හෙටම කසාද පොතේ අස්සන් කරයි...?
ඒ ගැන කියන්න නම් කට ඉස්සර කරගන්නෙ නෑ... ඇස්වහ කටවහ වැදුණොත් හොඳ නෑනේ....

අර්ජුනගෙ අලුත් චිත්‍රපටය එන්නෙ කවදාද?
අලුත් අවුරුද්දෙ තිරගත වේවි.

පළමුවැනි උත්සාහය වැරදුණා.. දෙවැන්නවත් හරියයිද?
උත්සාහය වැරැදුණේ නෑ... හැබැයි අපේ උත්සාහය සමහරු වැරැද්දුවා... ඒක වැරැදුණාට දෙවැනි වතාවේ ඒ වැරැද්දට ඉඩක් දෙන්නෙ නෑ...
මල්ටිබැරල් ගැහුවේ

හිමේෂා සවන්තී රාජපක්ෂ

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment