විනෝද විය හැකි රූපවාහිනී විවාද තුනක් ඉදිරියේදී

ජනතාවට බලා සතුටුවිය හැකි රූපවාහිනී විවාද තුනක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මින් ආසන්නයේම පැවැත්වීමට නියමිත වන්නේ බන්දුල ගුණවර්ධන ගේ 2500 විවාදයේ දෙවන කොටස වන ශිෂ්‍යත්ව විභාගය පිලිබඳ විවාදය වේ.

නිළිමස් පිළිබඳ රන්ජන් රාමනායක හා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අතර විවාදයක්ද පැවැත්වීමට නියමිතය.

එහෙමන්ම තමන් වහන්සේ විසින් නිවන් දැක ඇති බවත්, නැතැයි කියනවා නම් ඔප්පු කර පෙන්වන ලෙසත් පිටිදූවේ සිරිධම්ම හිමි විසින් කළ අභියෝගය නිසා පිටිදූවේ සිරිධම්ම රහතන්වහන්සේ සමඟ කිත්සිරි ආනන්ද මහතා සමඟ විවාදයක්ද පැවැත්වීමට නියමිතය.


බන්දුල-ගම්මන්පිල ශිෂ්‍යත්ව විවාදය
පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී විමල් වීරවංශ, චම්පික රණවක ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව එල්ල කල වාග් ප්‍රහාර හමුවේ බන්දුල් ගුණවර්ධන අසරණ වී ඇත.

ජනපතිවරයාද බන්දුල ගුණවර්ධනට පවසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය පිලිබඳ සිදුකල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකොට එහි නොමැති නිර්දේශයක් පිළිබඳව මහජන රැස්වීම් වල ප්‍රකාශ කිරීම වැරදි බවය.

විමල් වීරවංශ පවසා ඇත්තේ විකල්ප විභාගයක් පිලිබඳ දැනුම් නොදී 2016 දී විභාගය අවලංගු කිරීම පමණක් කතා කිරීම මිනිසුන් කලබල කරන දෙයක් බවය. මේ සියලු චෝදනා හමුවේ අසරණ වූ බන්දුල දිව්රමින් පවසා ඇත්තේ තමා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කල යුතුයැයි කතාවක් කිව්වේ නැති බවය.

"අන්තිමට මං තමයි වැරදි. කෙහෙළිය ඔයා මේක හරියට මීඩියා එකට කියන්න..අන්තිමට මාව අමාරුවේ දාන්නේ නැතුව" යනුවෙන් බන්දුල ගුණවර්ධන එම හමුවේදී පවසා ඇත.

කෙසේනමුත් උදය ගම්මන්පිල බන්දුල ගුණවර්ධන ගෙන් ශිෂ්‍යත්වය පිලිබඳ විවාදයක් ඉල්ලා සිටීමේදී බන්දුල විසින් එයට එකඟ වී ඇත. "ඔයා මගේ ගෝලයානේ..අපි විවාදයක් තියමු" ඉන් අනතුරුව ස්වර්ණවාහිනියෙන් සහ හිරු රූපවාහිනියේ බලය වැඩසටහනින් එම විවාදය පැවැත්වීමට යෝජනා පැමිණ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්වර්ණවාහිනීයේ රතු ඉර වැඩසටහනෙන් ලබන අඟහරුවාදා එම විවාදය විකාශය වීමට නියමිතය.

රන්ජන් - කෙහෙළිය නිලිමස් විවාදය
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයාක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ කල "නිලිමස්" පිලිබඳ ආන්දෝලනාත්මක කතිකාව පිළිබඳව ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට පැමිණෙන්නැයි රන්ජන් රාමනයාක විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ආරාධනාකොට ඇත.

තමා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙලිකල පසු නළු නිලියන් තමාට ප්‍රසංශා කල බවද රන්ජන් රාමනයාක මාධ්‍යයට පවසා තිබුණි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එම චෝදනා එල්ලවූයේ තමන්ට බව පිළිගෙන ඇත. එහෙත් එම චෝදනා සත්‍යය යැයි ඔප්පු වුවහොත් අමාත්‍යය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවද පවසා ඇත. විවාදයට තවමත් දිනයක් නියම වී නැත

පිටිදුවේ සිරිධම්ම හිමි - කිත්සිරි ආනන්ද මහතා අතර විවාදය
සිරිධම්ම හිමි රහත් වී නොමැති බවට ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව අශෝක මහතා විසින් සිරිධම්ම හිමිට පවසා ඇතත්, සිරිධම්ම හිමි පවසා ඇත්තේ ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවන නිසා ස්වර්ණවාහිනී නාලිකාව එයට අකමැති වනු ඇති බවයි.

පසුව අශූක මහතා ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඒ පිළිබඳව විමසා ඇති අතර ස්වර්ණවාහිනී නාලිකාව පවසා ඇත්තේ එවන් කිසිදු අකමැත්තක් නොමැති බවත් විවාදය කිරීමට ඔවුන් සූදානම් බවත්ය.

ඉන්පසුව විවාදය පැවැත්වීම සඳහා අශෝක මහත්හා විසින් සිරිධම්ම හිමියන් වෙත ලිපි යොමු කලත් උන්වහන්සේ එය මගහැර තිබේ.

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ අතීත ආවර්ජනය
මේ ආකාරයට පිටිදූවේ සිරිධම්ම හිමියන් විවාදයට එන්නේ උන් වහන්සේ රහත්වී ඇති බව ඔප්පු කිරීමටය

සමාජයේ ආන්දෝලනයක් ඇතිවූ උන්වහන්සේ රහත්වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව දැන් උන්වහන්සේම පවස තිබෙනවා.

මේ දිනවල බොහෝ වෙබ් අඩවි විසින් නව වීඩියෝවක් ලෙස එය ඉස්මතු කර පෙන්වුවද පහත වීඩියෝව අන්තර් ජාලයට එක් වුනේ මීට අවුරුදු 2කට පෙරය.

පහත දැක්වෙන්නේ මාර්ග ඵල ලාභී පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා තම උපක්‍රමය විස්තර කළ අයුරුයි.

"මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ කියලා. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.

අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.

දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.

ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....අපි ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කලින් කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?

ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.

සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.

ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ඒකම මදිද....(සිනා වෙමින් )

මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා

දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.

මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා.
"

වසර 2කට පෙර අන්තර්ජාලයට එක්වූ එම වීඩියෝව පහතින්.






-සම්බන්ධිත පුවත්-
පිටිදූවේ සිරිධම්ම හිමි නැවතත් කරලියට
කෝනාගම බුදුහාමුදුරුවන්ට චයිනීස් සෙරෙප්පුත් තිබුණා
පිටිදුවේ සිරිධම්ම හිමියන්ට අභියෝගයක් !
මිත්‍යාදෘෂ්ටික සමන්ත භද්‍ර උමතු රෝගියෙක්- ඥානසාර හිමි
පිටිදූවේ සිරිධම්ම හිමිගේ රූපවාහිනී සංවාදය කවදාද?
මම නිවන් දැකපු කෙනෙක්. බොරු නම් ඔප්පු කරන්න - සිරිධම්ම හිමි
විනෝද වියහැකි රූපවාහිනී විවාද තුනක් ඉදිරියේදී

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment