රට බෙදන ගිවිසුම් ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල මහතා මේ බව කියා සිටියේ අද (05) තිඹිරිගස්යාය විපක්ෂයේ ප්‍රධාන පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
තමා බලයට පත්වුවහොත් රට බෙදන බවටත්, ඊළමට යළි හිස එසවීමට ඉඩලබාදෙන බවටත් දේශපාලන ප්‍රතිවාදීන් විසින් චෝදනා කරමින් ගියද එකී චෝදානවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
තමා ඒකීය ශ්‍රී ලංකාව දිවි හිමියෙන් සුරකින බවත්, ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාරගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් ඇතුළු කණ්ඩායම ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල නොදී නිදහස් හා සාමකාමී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවූ බවත්, ජනාධිපතිවරණයට තව ඉතිරිව ඇත්තේ පැය 72 ක පමණ කාලයක් පමණක් බවත් ඔහු සිහිපත් කළේය.
දේශපාලන ප්‍රතිවාදීන්ටද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොරව නිදහස් හා සාධාරණය මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post a Comment