ඊයේ (04) රාත්‍රී 10.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.
ආඩිගම - කීරියන්කල්ලිය මාර්ගයේ දේවාල හන්දිය ප්‍ර්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමට පල්ලම පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
මෙසේ වාහන පරීක්ෂා කරමින් සිටින අතරතුර පැමිණ ඇති කුඩා ප්‍රමාණයේ ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය වීම නිසා එම අවස්ථාවේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීයෙකු පළායන ලොරියට වෙඩි තබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් පසුව නවත්වා ගත් ලොරිය පරීක්ෂා කරන විට ලොරියේ සිටි අය පවසා ඇත්තේ තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝගියෙකු රෝහල කරා රැගෙන යමින් සිටින බවයි.
ඒ අනුව ලොරියේ පිටුපස කොටස පරීක්ෂා කර බලන විට එහි මිය ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවක් පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී තිබේ.
ඒ සම්බන්දයෙන් විමසා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇති අය විෂ ඇට වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අයෙකු බවය.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පසු ලොරිය පැදවූ බව කියන ආඩිගම - ගල්කුලිය පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය දිනේෂ් ප්‍රියශාන්ත යන අය සුළු තුවාල ලබා ඇති අතර හෙතෙම මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
විෂ ඇට වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් මිය ගොස් සිටි තරුණයාගේ මළ සිරුර මුන්දලම දිසා රෝහලේ තැන්පත් කර ඇත.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
Post a Comment