මැතිවරණ පැමිණිලි 1185යි

ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 1185 ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශය පවසයි.

එම කාර්යාලය පවසන්නේ ඉන් පැමිණිලි 142 ක් ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට අදාළ පැමිණිලි බවයි.


එමෙන්ම මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් වලට අදාළව පැමිණිලි 1043 ක් වාර්තා වන බව එම කාර්යාලය සඳහන් කළේය.



Post a Comment