මැතිවරණ නිලධාරීන් සුදානම්

එළඹෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා රජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 75, 000 ක් පමණ යෙදවීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේ එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කරඇති බවයි.


ඡන්ද විමසීම සිදු කරන ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී කටයුතු සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරී කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට නියමිතය.


ඡන්ද විමසීමේ කටයුතු වලදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියළුම රාජ්‍ය නිළධාරීන් දැනුවත් කරඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යයාලය සඳහන් කළේය.


මෙවර ඡන්ද විමසීමේ කටයුතු අධික්ෂණය කිරීම සදහා විශේෂ නිළධාරීන් පිරිසක් යෙදවීමට ද සැළසුමු කර තිබේ.


මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි.


නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්.ඒ.ජී. වික්‍රමසිංහ මහතා සදහන් කලේ මේ වනවිට සියයට 95 ක් පමණ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවයි.



Post a Comment