බෙහෙත් ගන්න ඇවිත් ජීවිතේ එපාවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිය දිවිහානි කර ගෙන තිබේ.

අද උදෑසන රෝහලේ පළමු මහලින් බිමට පැන අදාළ පුද්ගලයා සිය දිවි හානි කර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකන්දවාන ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි අයෙකි.


ඇදුම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මොහු රෝහල්ගතව සිට ඇති බව සඳහන්ය.


සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment