ඡන්දයට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අද(06) දිනයේ සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ස්ථීර මාර්ග බාධක යෙදවීමට පියවරගෙන ඇති බවයි.


ඊට අමතරව තාවකාලික මාර්ග බාධක යොදා විශේෂ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ.


මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ ද සහය ඇතිව මේ වන විට ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.


එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිය සංවිධානය නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.



Post a Comment