මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු ප්‍රචාරක කටයුත්තක් ඉදිරි දින කිහිපය තුළ සිදුකළ නොහැකි බවයි.
එවැනි ප්‍රචාරක කටයුතු සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
වක්‍රාකාරයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ සූදානමක් පිළිබඳව ද මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමුව තිබේ.
මේ අතර ඡන්ද කොට්ඨාශ මට්ටමින් දැනට පිහිටුවා ඇති ඡන්ද කාර්යාල අද මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යා හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
එහෙත් ඒවායේ ප්‍රචාරක කටයුතු සිදුකළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.
අදාළ කාර්යාල පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ සිට විශේෂ විමර්ශන නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති අතර හෙට(07) පෙරවරුව වන විට සියලු පක්ෂ කාර්යාල ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා, නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ කටයුතු අද දිනය තුළ සිදුකරන බව ඒ මහතා අවධාරණය කර සිටියේය.
මේ අතර මැර බලයට කිසිවිටකත් හිස නොනමන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට මෙතෙක් නොහැකි වු ඡන්ද දායකයින් වෙත අද දිනයේත් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබේ. අද පෙරවරු 8.30 සිට පස්වරු 2.45 දක්වා කාලය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තුළ දී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් පැවසුවේය.
Post a Comment