ගිනි තබාගත් පුද්ගලයා මියයයි

කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසළදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මියගොස් තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(05) රාත්‍රී ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 72 හැවිරිදි පන්නිපිටිය කොට්ටාව ප්‍රදේශයේ පදිංචි සිටි අයෙකි.


ඊයේ අලුයම කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසළ දී මෙම පුද්ගලයා සිරුරට ගිනිතබාගෙන තිබු අතර පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.


කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිරුරට ගිනි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



Post a Comment