මෙම වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය ගාල්ල මහින්ද විද්‍යාලයේ දී සිදුකිරීමට නියමිත බවයි.
මේ වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ අභියාචනා සලකා බැලීම ද මේ වන විට අවසන් කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණය හේතුවෙන් රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන 7,8 සහ 9 යන දිනවල නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Post a Comment