ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර් සහ කට්වුට් හෙට දිනයේ සිට ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
එමෙන්ම දේශපාලන පක්ෂ පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල ද හෙට දිනයේ සිට ඉවත් කළ යුතු වෙයි.
මේ අතර අද දෙරණ සමග අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
පසුගිය දෙසැම්බර් මස 8 වැනිදා නාමයෝජනා බාරගැනීමත් සමඟ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ වු අතර දේශපාලන පක්ෂ අපේක්ෂකයන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ප්‍රධාන රැළි හා ජනහමු පවත්වමින් ප්‍රචාරක කටයුතුවල නිරත වුණි.
කෙසේවෙතත් අද දිනයේ දී අවසන් මහ රැළි පැවැත්වීමට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී කැස්බෑව නගරයේ පැවැත්වෙන සිය අවසන් ප්‍රධාන රැළියට එක්වීමට නියමිතය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැත්වෙන සිය අවසන් මහ රැළියට එක්වනු ඇත.
Post a Comment