රත්නපුර, කහවත්ත ප්‍රදේශයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවක් ඉදිකරමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද අලුයම දෙකට පමණ අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරයෙන් වේදිකාව සරසමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙහිදි වෙඩි තැබීමක් ද සිදුව ඇති බවද වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment